සිරියාව සමඟ ගනුදෙනු අවසන් කරනවා



සිරියාවෙන් ඇමෙරිකා හමුදා ඉවත් කර ගැනීාමෙන් පසු, ඇමෙරිකාව සිරියාව සමඟ කිසිදු ගනුදෙනුවක් පවත් වන්නේ නැතැයි ඇමෙරිකා විශේෂ නියෝජිත බ්‍රෙට් මැක්ගක් කියයි.

සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමෙරිකාව සහ බටහිර රටවල් ගෙන ගිය සටනේදී විශේෂ නියෝජිතවරයා ලෙස පත් කරනු ලැබ ඇත්තේ මැක්ගක්ය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අණ පරිදි ඇමෙරිකන් හමුදා සිරියාවෙන් ඉවත් කර ගැනීම මේ වනවිට ආරම්භ වී ඇත.

ඇමෙරිකාව පවසන්නේ, සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට තමන්ට හැකි වි ඇති බවය.
සිරියායේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනට ඇමෙරිකාව හවුල් වූයේ,

කුර්දි සටන්කාමීන් සමඟ එක් වෙමිනි. ඇමෙරිකන් හමුදා සහ කුර්දි සටන්කාමීන් සිරියානු රජයට සහ රජයේ හමුදාවට විරෝධය දක්වයි.

වොෂින්ටනයේදීය
අල් ජසීරා ඇසුරිනි

 


RECOMMEND POSTS