සිරියාව ගොඩනැගීමේ මෙහෙයුමක් !



එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ගයා පෙඩර්සන් සහ ඉරාන විදේශ අමාත්‍ය ජවාඩ් ශරීෆ් සිරියාව යළි ගොඩනැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

දෙපාර්ශවය අතර ටෙහෙරාන් හිදී මෙම සාකච්ඡාව පැවති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ සිරියානු සරණාගතයින් පිළිබඳ ගැටළුව සහ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී ගයා පෙඩර්සන් සහ ඉරාන විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡා වූ බවය.

දීර්ඝ කාලයක් පුරා පැවති සිරියා අර්බුදය විසදීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඉරානයේ මැදිහත්වීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

( තිළිණි ද සිල්වා )
කලීජ් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS