සිරියානු රජය බෝම්බ හෙලයි



සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් සිරියානු රජයේ හමුදා ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත් එයින් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු සිවිල් වැසියන් 20 දෙනකු මියගිය බවත් පැවැසෙයි.

සිරියානු රජයේ හමුදා කළ බෝම්බ ප්‍රහාරවලින් සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි ලෙස සිය කනස්සල්ල දක්වා ඇතැයි ද පැවැසෙයි.

පසුගිය මාසයක කාලයේ සිරියානු ගුවන් හමුදාව, රුසියානු ගුවන් හමුදාවේ ද සහාය ඇතිව කළ බෝම්බ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 229 දෙනකු මියගිය බවත් 727 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.

ඩමැස්කස්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS