සිරියානු යුද සිරකරුවන් වහා නිදහස් කරන්න



සිරියානු යුද්ධයට මැදිවී, සිරියානු රජයේ අත්අඩංගුවේ සිටින සිරියානු කාන්තාවන් සහ කුඩා දරුවන් වහා නිදහස් කරන්නැයි සිරියානු රජයට බල කරමින් තුර්කියේ ජන රැලි පැවැත්විණි.

ජන රැලි පැවැත්වූයේ තුර්කියේ ප්‍රධාන නගරවලය. ඒවා සංවිධානය කර තිබුණේ තුර්කියේ මානව අයිතීන් සුරැකීමේ සංවිධානවල එකමුතුවෙනි. ඒ, ඊයේ (8) දිනය යෙදී තිබුණු ‘කාන්තා දිනය’ සමරමිනි.

2011 වසරේ සිරියානු යුද්ධය ආරම්භ වූ දින පටන් මේ දක්වා කාන්තාවන් 7,000 කට ආසන්න පිරිසක් සිරියානු රජයේ අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ. මොවුන් ලිංගික හිරිහැරවලට ලක්වෙන බව ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS