සිරකරුවෝ 6 ක් සෞදි එති



යේමන සිරකඳවුරුවල රඳවාගෙන සිටි සෞදි සිරකරුවන් හය දෙනෙක් සෞදි අරාබියට පැමිණි බව වාර්තා වේ.

සිරකරුවන් හය දෙනා යේමනයේ සිට ගුවන්යානයකින් සල්මාන් රජු ගුවන් හමුදා කඳවුරට පැමිණි බව යේමනයේ නීත්‍යානුකූලභාවය සඳහා සහාය දෙන සන්ධාන බලකායේ මාධ්‍ය ප්‍රකාශක, කර්නල් තුර්කි අල්-මලිකි පැවසීය.

ස්ටොක්හෝම් ගිවිසුම අනුව ක්‍රියාකරමින් සිරකරුවන් සෞදි අරාබියට ගෙන්වා ගැනීමට සහයෝගය ලබාදුන්

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට ස්තූතිය ප්‍රකාශ කරන බව කර්නල් අල්-මලිකි වැඩිදුරටත් පැවසීය.

සිරකරුවන් පිළිගැනීම සඳහා ඒකාබද්ධ බලකායේ අණදෙන නිලධාරී, ලුතිනන් ජෙනරාල් ෆාඩ් බින් තුර්කි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු මෙන්ම සිරකරුවන්ගේ ඥාතීන්ද ගුවන් හමුදා කඳවුරට පැමිණ සිටි බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS