සිරකරුවන් 750කට සමාව



කුවේට් අමීර්, ෂයික් සභා අල්-අහමඩ් සභා අල්-අහමඩ් සිරකරුවන් 750කට සමාව ලබා දෙයි.

අපරාධවලට වැරදිකරුවන් වී බන්ධනාගාර ගත ව සිටින කුවේට් ජාතිකයන්ට සහ විදේශිකයන්ට සමාව හිමි වන බව වාර්තා වේ.

සමාව හිමි වන සිරකරුවන් 750 අතුරින් 500ක් කඩිනමින් නිදහස් කිරීමටත් ඉතිරි සංඛ්‍යාවගේ කාලසීමාව අඩුකිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

පෙබරවාරි 25 සහ 26 දිනවල යෙදෙන  ජාතික සහ විමුක්ති දිනයන්ට පෙර සමාව ලබාදීමට සහ සිරකරුවන්ට ගෙවීමට ඇති දඩ මුදල් කපා හැරීමට කුවේට් අමීර්වරයා නියෝග කර ඇති බව වාර්තා වේ.

සිරකරුවන් 2,800කට 2018 වර්ෂය තුල දී  සමාව ලබා දීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS