සිරකරුවන් 615 කට සමාව



ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සිරකරුවන් 615 දෙනකුට සමාව දී හෝ සිර දඬුවම් අඩු කර ඇතැයි හෝ වාර්තා වේ.

මේ සති අන්තයට යෙදී තිබෙන ඊද් කෝර්බාන් සහ ඊද් කදීර් යන ආගමික නිවාඩු දෙක හේතුවෙන් ඉරාන උත්තරීතර නායකයා එම තීරණය ගෙන ඇතැයි එරට මිසාන් පුවත් සේවය වාර්තා කර තිබිණි. මිසාන් යනු ඉරානයේ අධිකරණ පුවත් සේවයයි.

කෙසේ නමුත් කී දෙනකුට සමාව දී ඇතැයි ද කොපමණ සංඛ්‍යාවකගේ සිර දඬුවම් අඩු කර ඇතැයි ද යන්න පිළිබඳව මිසාන් පුවත් සේවය කිසිවක් වාර්තා කර නොතිබිණි.
ඉරාන උත්තරී නායකයා පුරුද්දක් ලෙස ආගමික නිවාඩු දිනවලදී මේ ආකාරයෙන් සිරකරුවන් සමාව ලබා දීම සිදු කරයි. 

මේ අතර දේශපාලනික හේතු මත සහ වැරැුදි හේතුවෙන් සිය ගණනක් ඉරාන ජාතිකයන් සිර දඬුවම් විඳින බව මානව හිමිකම් සංවිධාන සඳහන් කරයි.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර්


RECOMMEND POSTS