සිප ගන්න එපා: සෞඛ්‍ය ඇමති කියයි



සූකර උණ වෛරසය පැතිරී යෑම පාලනය කිරීම සඳහා එකිනෙකා සිප නොගන්නා ලෙස ජෝර්දාන් සෞඛ්‍ය ඇමතිවරයා ජනතාවට අනතුරු අඟවයි

ශරීර ස්පර්ශ මඟීන් ඇතිවන ආසාදනයන් වළක්වා ගැනීමට සහ පැතිරි ගෙන යන වසංගත තත්ත්වය පාලනය කිරීමට හැකි වන බව අමාත්‍යවරයා පැවසීය.

සූකර උණ (H1N1) රෝගීන් 199 දෙනෙකු ජෝර්දාන රෝහල්වල ප්‍රතිකාර ලබන බවට අල්-රායි පුවත්පත වාර්තා කරයි.

දැනට පුද්ගලයන් පස්දෙනෙක් සූකර උණ වෛරසය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අම්මාන් නුවර)

RECOMMEND POSTS