සිපගත්තැයි කරණම් ශූරයා හි‍රේ



එක හුස්මට ‍‍‍‍ගොඩනැගිලි මතින් දුවමින් පනිමින්, වික්‍රම කරන ඉරාන‍යේ ජනප්‍රිය 'පර්‍කෝර් ක්‍රීඩක' අලි‍‍රේසා ජපලන්ගි,  ඉරාන සයිබර් ‍‍පොලිසිය මගින් අත්අඩංගුවට ‍ ‍‍‍ගෙන ඇත.

අත්අඩංගුවට  ගැනීමට ‍‍‍ ‍‍‍‍හේතුව වී ඇත්‍‍‍තේ අලි‍‍රේසා ජපලන්ගි, ඔහු සමග එක් වී ක්‍රීඩා කරන සහායිකාව සිප ගැනීම යැයි පැවැසෙයි.

දෙදෙනා සිප ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ දසුන් සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වීම ‍‍‍නිසා අත්අඩංගුවට ගැනීම සිදු කළ බවත් ඉරාන ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ දැඩි දඩුවම් හිමිවනු ඇති බවත් පැවැ‍‍සෙ‍යි.

අලි‍‍රේසා ජපලන්ගිගේ පියා ඉරාන මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ ඉහළ නිලධාරි‍යෙකි. මීට පෙර අවස්ථාවකදී  ද ‍නොමනා හැසිරීම් නිසා අලි‍‍රේසා ජපලන්ගි අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සහ කළ ද පියා‍ගේ බලපෑම් නිසා ඊට බාධා එල්ල විය.

(බී.බී.සී.)


RECOMMEND POSTS