සිකුරාදා 121,167 ගිහින්



සෞදි අරාබියේ ෆහඩ් රජු පිවිසුම් පාලම හරහා එක්ලක්ෂ විසිඑක් දහස් එකසිය හැටහත් දෙනෙක් පසුගිය සිකුරාදා (ජුනි 07) දින පමණක් ගමන් කර ඇති බව වාර්තා වේ.

1986 වර්ෂයේ පිවිසුම් පාලම විවෘත කිරීමෙන් පසු දිනක් තුල පාලම හරහා වැඩිම සංඛ්‍යාවක්ගමන් කළ තුන්වන අවස්ථාව වන බවත්, බදාදා 77,813 දෙනෙක්ද, බ්‍රහස්පතින්දා 109,657 දෙනෙක් ගමන් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සෞදි රේගුව සඳහන් කර ඇත.

දින තුනක් තුල පුද්ගලයන් 308,000ක් ගමන් කර ඇති බවත් තදබදය අවම කිරීමට මංතීරු 58ම විවෘත කිරීමට සිදු වු බව රේගුව ප්‍රකාශ කළේ ය.

සෞදි අරාබියට පිවිසීමට මංතීරු 36ක්ද, බහරේන් රාජ්‍යයට පිවිසීමට මංතීරු 22ක් ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS