සැප වාහන වෙන්දේසියක්



සෞදි අරාබියේ ජෙඩ්ඩා නුවර අධික වටිනාකමකින් යුත් මෝටර් රථ වෙන්දේසියක් පවත් වන බව වාර්තා වේ.

ගසාන් අබ්දුල්රහ්මාන් හමාඩ් අල්-සුලෙයිමාන් නැමති මෝටර් සමාගම බංකොලොත් වීම හේතුවෙන් පවරන ලද නඩුවකට අදාලවසමාගමේ මෝටර් රථ වෙන්දේසි කරන ලෙස ජෙඩ්ඩා නුවර වාණිජ අධිකරණය නියෝග කර ඇත.

සමාගම සතුව තිබු ලැම්බෝගිනි මෝටර් රථ දෙකක් (02), මැක්ලරන්ස්මෝටර් රථ හයක් (06) සහ රේන්ජ් රෝවර්මෝටර් රථ අසු දෙකක් (82) වෙන්දේසියට තබා ඇත.

මෝටර් රථ වෙන්දේසිය ජුනි 20 වන දින දක්වා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා පවත් වන බව වාණිජ අධිකරණය පත් කරන ලද නිලධාරියා ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ජෙඩ්ඩා නුවර)

RECOMMEND POSTS