සැප නැවක් ඕමානයට එයි



සංචාරකයන් පිරිසක් රැගෙන ලෝක සංචාරයේ යෙදෙන සීබර්න් ඇන්කෝර් නම් නෞකාව සලාලාහ් වරායට පැමිණ ඇති බව වාර්තා වේ.

විවිධ ජාතීන්ට අයත් සංචාරකයන් පන්සිය හතළිස් දෙනෙක් නෞකාවෙන් ඕමානයට පැමිණ ඇත.

සලාලාහ් වරායට පැමිණිමට පෙර ජෝර්දානයේ අකාබා වරායට පැමිණ ඇති අතර නෞකාව සුල්තාන් කබූස් වරායට යාත්‍රා කිරීමට නියමිතව ඇත.

සංචාරකයන් ඕමානයේ දෝෆාර් නගරයේ වඩාත් වැදගත් පුරාවිද්‍යාත්මක, ඵෙතිහාසික සහ සංචාරක ස්ථාන නැරඹීමට යන බව වාර්තා වේ.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS