සැක කටයුතු ඩ්‍රෝනා 2ක් ඇවිත්



කුවේට් ඉහළ අහසේ සැක කටයුතු ආකාරයෙන් ඩ්‍රෝනා යානා දෙකක් පියාසර කර ඇති බව වාර්තා වේ.

කුවේටයේ වැදගත් ආර්ථික මධ්‍යස්ථානවලට ඉහළින් පියාසර කරමින් තිබියදී නිරීක්ෂණය කර ගැනීමට හැකි වී ඇත.

ඩ්‍රෝනා යානා නිරීක්ෂණය කිරීම සඳහා අදාල ප්‍රදේශයට පොලිස් කණ්ඩායමක් යැවීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඩ්‍රෝන යානා ප්‍රදේශයෙන් ඉවත්ව ගිය බව ඇසින් දුටු සාක්ෂිකරුවන් ප්‍රකාශ කළ බවට වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ඩ්‍රෝනා යානා යැවීම සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීති උල්ලංඝනය කළ කුවේට් ජාතිකයෙක් සහ පිලිපීන ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන නීතිමඟින් කටයුතු කිරීමට කුවේට් පොලීසිය පියවර ගෙන ඇත.

රාජ්‍ය ආරක්‍ෂාවට තර්ජනයක් වන බැවින් අවසරයකින් තොරව ඩ්‍රෝන යානා යැවීමෙන් වලකින ලෙසත්, ඩ්‍රෝනා යානා යවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් විශේෂ කණ්ඩායම් පිහිටුවා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS