සැකපිට 5,345 ක් අත්අඩංගුවට



සෞදි ආරක්ෂක අංශ සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගර ගත කර සිටින සමස්ථ සංඛ්‍යාව 5,345 දක්වා ඉහළ ගොස් ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

යේමන ජාතිකයින් 326 ක්, ඊජිප්තු ජාතිකයින් 64ක් සහ සුඩාන ජාතිකයින් 23 ක්,බහරේන් ජාතිකයින් 14 ක් ආරක්ෂක හේතූන් මත සෞදි ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත. 

ත්‍රස්තවාදී සහ අපරාධ වලට සම්බන්ධයෙන් සෞදි ජාතිකයින් 4,439 ක් අත්අඩංගුවට ගෙන ඇත. 

සිරියානු ජාතිකයින් 215 ක්, පකිස්ථාන ජාතිකයින් 89ක්, ඉන්දීය ජාතිකයින් 20ක්, ඉරාන ජාතිකයින් 09ක්, ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 06ක්, සෝමාලියානු ජාතිකයින් 05 ක්, ඇමරිකානු ජාතිකයින් 05ක්, ඉතියෝපියානු ජාතිකයින් 04ක්, ඉරාක ජාතිකයින් 03ක් සහ අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකිවු පුද්ගලයින් 08 දෙනෙක්දලැයිස්තුවට ඇතුලත්වේ.

මීට අමතරව එමිරේට්, ප්‍රංශ, ලිබියානු, කටාර්, ඇල්ජීරියානු, බංගලිදේශ, මියන්මාර, පිළිපීන, පලස්තීන ජාතිකයින්ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකපිට බන්ධනාගාර ගත කරන ලද පිරිස අතර දරුණු අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් රැසක් සිටින බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS