සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති නෙදන්යාහුට



ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට සකස් කළ නව සාම සැලැස්ම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්  ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුට ඉදිරිපත් කළේය. ඒ, අගමැති නෙදන්යාහු ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදීය.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් ලෙස ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය නව සාම සැලැස්ම සකස් කර ඇත්තේ ද්වී රාජ්‍ය විසඳුමක් ද සහිතවය.

ඒ අනුව, පලස්තීනුවන් වෙනුවෙන්, ඔවුන්ගේ අගනුවර ලෙස අබුදිස් නම් කිරීමට ජනපති ට්‍රම්ප් යෝජනා කර තිබේ. අබුදිස් යනු ජෙරුසලමට ඔබ්බෙන් පිහිටා ඇති නගරයකි.

ඊශ්‍රායලයත් පලස්තීනයත් ඔවුන්ගේ අගනුවර ගෙලස පිළිගන්නේ ජෙරුසලමය. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නිල වශයෙන් නම් කරනු ලැබුවේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසිනි. මෙය මහත් ආන්දෝලනයක් ඇති කළේය.

ඊශ්‍රායල පලස්තීන සාමය වෙනුවෙන් නව සාම සැලැස්මක් සකස් කරනවා යැයි ජනපති ට්‍රම්ප් පැවැසුවේ, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කිරීමෙන් පසුවය.

ට්‍රම්ප් වෙනුවෙන් මෙම සාම සැලැස්ම සකස් කර දී ඇත්තේ ට්‍රම්ප්ගේ බෑණා මෙන්ම ඔහුගේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කරන ජෙරාඞ් කුෂ්නර් ප්‍රමුඛ විශේෂ නියෝජිත කණ්ඩායමය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS