සාජා පාලකයාගේ පුත්‍රයා මියයයි



සාජා නුවර පාලකයාගේ පුත්‍රයා වන ෂෙයික් කාලිඩ් බින් සුල්තාන් බින් මොහොමඩ් අල්-කාසිමි ජුලි 01 දින ලන්ඩන් නුවරදි මියගොස් ඇත.

දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස නිවේදනය කර ඇත.

සාජා නුවර පාලකයාට සහ අල්-කාසිමි පවුලේ සාමාජිකයින්ට පාලක අධිකරණය සිය ශෝකය ප්‍රකාශ ඇත.

මෘතදේහය සාජා නුවරට පැමිණෙන වේලාව සහ අවමංගල්‍ය යාඥාව සිදුකරන ආකාරය පසුව දැනුම් දෙන බව දන්වා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, සාජා නුවර)

RECOMMEND POSTS