ස්වාධීන අපේක්ෂකයෝ ඉදිරියට



ටියුනීසියාවේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර එයින් ස්වාධීන පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයන් ඉදිරියට පැමිණ ඇතැයි වාර්තා වේ.

කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට වඩා ඡන්ද හිමි කර ගැනීමට නොහැකි වී ඇති බවත්, ජනාධිපතිවරණයේ දෙවැනි වටයක් පැවැත්වෙනු ඇති බවත් එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ. ටියුනීසියාවේ විරැකියාව ඉහළ ගොස් ඇති අතර, ජනපතිධුර අපේක්ෂකයන්ගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ ඒ වෙනුවෙන් යැයි පැවැසිණි.

2011 දී අරාබි වසන්තය යන නමින් හැඳින්වුණු ජනතා විරෝධතා හමුවේ, වසර ගණනාවක් ඒකාධිපති ස්වරූපයෙන් ජනාධිපති ධුරය හෙබවූ බෙන් අලීගේ පාලනය අවසන් වීමෙන් පසු, ටියුනීසියාවේ ජනාධිපතිවරණයක් පැවැත්වුණු දෙවැනි අවස්ථාව මෙයයි පළමු වරට ජනපතිවරණයක් පැවැත්වූයේ 2014 දීය.

ටියුනිස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS