සවුදියේ පොදු සමා කාලයක්



සවුදි අරාබියේ නීති විරෝධි ලෙස රැඳී සිටින්නන් වෙනුවෙන් දින 90 ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජය තීරණය කර ඇත.

එරට නීති විරෝධී ලෙස රැඳී සිටින්නන් හා එසේ රැඳී සිටිමින් රැකියා කරන්නන්ට කිසිදු දඩ මුදලකට හෝ දඬුවමකට යටත් නොවී එම කාලය තුළ රටින් පිටවීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම පොදු සමා කාලය මාර්තු 29 වැනිදා සිට ක්‍රීයාත්මක කෙරෙනු ඇතැයි පැවැසේ.

එරට තව දුරටත් රැඳි සිටින්නට සුදුසුකම් ඇත්නම් ඒ සඳහා වන ලියකියවිලි සකස් කර ගැනීමට ද මෙම පොදු  සමා කාලය යොදා ගත හැකිවනු ඇත.

කෙසේ වෙතත් මෙම පොදු සමා කාලය පිළීබඳව නිල වශයෙන් මේ වන තුරු එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දන්වා නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS