සල්මාන් කුමරු බහරේනයේ



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කළ සංචාරය අවසන් කිරීමෙන් පසු සෞදියේ මොහොමද් බින් සල්මාන් කුමරු බහරේනයට පැමිණ ඇත.

මනාමා අගනුවරට පැමිණි සෞදි කුමරුන්ට උණුසුම් පිළිගැනිමක් හිමිවුණු බව වාර්තා වේ. ඒ, බහරේනයේ රජු හමාද් බින් ඊසා අල් කලීෆාගෙනි. රජු සහ කුමරුන් අතර හමුව පැවැත්වූයේ සකීර් මාලිගයේදීය.

සල්මාන් කුමරු අසල්වැසි මිතුරු රටවල මෙසේ සංචාරයක යෙදෙන්නේ ජමාල් කශොග්ජී ඝාතනය සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබියදීය. බහරේන සංචාරයෙන් පසු කුමරු ඊජිප්තුවට යෑමට ද නියමිතය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS