සල්මාන් කුමරු තලේබාන් නායකයන් හමුවෙයි



පාකිස්තාන සංචාරය අතරතුරේ, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ නායකයන් පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීය.

වසර 17 ක් තිස්සේ ඔඩුදුවමින් පවතින ඇෆ්ගන් අර්බුදය අවසන් කිරීමටත්, සාමය ස්ථාපිත කිරීමටත් ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ කැමැත්ත හිමි වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන් ඇමෙරිකන් නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වන බව ද වාර්තා වේ.

සල්මාන් කුමරුන් ඉස්ලාමාබාද් අගනුවරදී තලේබාන් නායකයන් හමුවී, ඇෆ්ගන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීමට, එරට පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජයේ අවධානය යොමු වී ඇත. පසුගිය දා පාකිස්තාන රජයේ සහ තලේබාන් සංවිධානයේ නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්විණි.

ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS