සයිබර් ප්‍රහාර 39% අඩුවෙලා



2017 වර්ෂයේ මුල් මාස හත (07) ඇතුලත සයිබර් ප්‍රහාර දෙසිය හැත්තෑ හතරක් රාජ්‍ය, අර්ධ-රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවලට එල්ල වී ඇති බව අබුඩාබි විදුලි සංදේශ නියාමන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

2017 වර්ෂයේ මුල් මාස හත (07) සමඟ සංසන්දනය කිරිමේදි 39%ක අඩුවීමක් බව අධිකාරිය සඳහන් කළේය. 

2017 ජූලි මාසයේදි සයිබර් ප්‍රහාර 42ක් එල්ල වී ඇති අතර 2018 ජූලි මාසයේදී 31 දක්වා අඩු වී ඇත.

2018 ජූලි මසයේ එල්ල කළ ප්‍රහාර හතකින් ආයතනවලට බලපෑමක් එල්ල වී ඇති බවත් ප්‍රහාර දොළහක්යම් තරමක බලපෑමක් එල්ල කිරීමට සමත් වී ඇති බවත් ඉතිරි ප්‍රහාර සාමාන්‍ය ඒවා බව අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS