සයිබර් ප්‍රහාරකයා අධිකරණය ඉදිරියට



කුවේට් ප්‍රවෘත්ති ඒජන්සියට අයත් ට්විටර් සමාජ ජාල ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

කුවේට් රාජ්‍ය ආරක්ෂක ඒජන්සිය සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊජිප්තු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදුකිරීම සඳහා රාජ්‍ය නඩුපැවරීමේ අධිකාරියට භාර දී ඇත.

2020 ජනවාරි 08 දින ට්විටර් සමාජ ජාල ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ල කර අසත්‍ය තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීම් සිදුවන අතරතුර සැකකරු අසනීප වී ඇති අතර, දැඩි ආරක්‍ෂාවක් යටතේ ප‍්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇති බව අල්-කබාස් පුවත්පත පවසනවා.

ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කර තිබු ප්‍රවෘත්තිය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කුවේට් තොරතුරු අමාත්‍යාංශය පැවසීය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS