සයිබර් අපරාධ නඩු 1,134 ක් විභාගයට



කුවේටයේ සයිබර් අපරාධ එක්දාස් එකසිය තිස්හතරක් මාස හයක කාලය තුල වාර්තා වී ඇති බව වාර්තා වේ.

ජනවාරි මාසයේ සිට ජුනි මාසය අතර කාලය තුල සයිබර් අපරාධ සිදු වී ඇති බවත්, හැකි ඉක්මණින් නීතිමය විසදුම් ලබාගැනීමට කටයුතු කරන බව අධිකරණය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. 

අපහාස කිරීම, පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම, බලපෑම් කිරීම, අපහාස කිරීම,තර්ජනය කිරීම සහ

අනිසි ලෙස ජංගම දුරකථන භාවිතා කිරීමකුවේටයේ ප්‍රධාන සයිබර් අපරාධ අතර වේ.

සයිබර් අපරාධ හයක් හෝ හතක් දිනකට සිදුවන බව අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS