සභාපති ධූරය සෞදියට



2020 ජී20 සමුළුවේ සභාපති ධුරය සෞදි අරාබියට නිල වශයෙන් ජපානය භාර දී ඇති බව වාර්තා වේ.

ජී 20 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදි 2020 ජී20 සමුළුවේ සභාපති ධූරය සෞදි විදේශ ඇමති ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලාට පිරිනමා ඇත.

2019 ජී20 සමුළුව සාර්ථකව අවසන් කිරීම පිළිබඳව ජපානයට ස්තූතිය ප්‍රකාශ කරන බවත්, 2020ජී20 සමුළුව සාර්ථකව පැවැත්වීමට තම රට සූදානම් බව සෞදි විදේශ ඇමතිවරයා විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදි අවධාරණය කළේය.

ජපානයේ ඕසාකා නුවර පැවති 2019 ජි20 සමුළුවට සෞදි ඔටුන්න හිමිකුමරු සහ ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් සහභාගි විය.

2020 ජි20 සමුළුවට අදාල සියළුම තොරතුරු 2019 දෙසැම්බර් 01 දින මාධ්‍යයට නිකුත් කිරීමට සෞදි රජය කටයුතු කරන අතර සමුළුවෙන් වැඩි වාසි ලබාගැනීමටදඅපේක්ෂා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS