සංචාරය කිරීමෙන් වළකින්න: එමිරේටය කියයි



විදේශ රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස එමිරේට්ස් රජය ජනතාවට නිවේදනය කරයි.

ලෝකයේ රටවල් ගණනාවක කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් අදාල නිවේදනය නිකුත් කිරීමට එමිරේට්ස් සෞඛ්‍ය සහ වැළැක්වීමේ අමාත්‍යාංශය කටයුතු කර ඇත.

විදෙස් ගත වන සියලු දෙනා නැවත ගුවන්තොටුපළට පැමිණි පසු පරීක්ෂාවට ලක් කරන බවත්, රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන්ව හුදකලා කර තබන බවත්, රෝගීන් පස් දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

වෛරසය මුලින්ම පැතිර ගිය දා සිට මේ දක්වා සෞඛ්‍ය බලධාරීන් රසායනාගාර පරීක්ෂණ 30,000 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බව සෞඛ්‍ය සහ වැළැක්වීමේ අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS