සංචාරක වීසා නිකුත් කිරීම අත්හිටුවයි



සෞදි අරාබිය විද්‍යුත් සංචාරක වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව, චීනය, ඉතාලිය, කොරියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව සහ කසකස්තානය යන රටවලින් සෞදි අරාබියට පැමිණෙන සංචාරකයන්ට වීසා බලපත්‍ර නිකුත් නොකරන බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

ඉහත සඳහන් කළ රටවල සංචාරකයන්ට කලින් නිකුත් කළ සංචාරක වීසා තාවකාලිකව අත්හිටුවීමට ද අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මීට පෙර අවසර දී ඇති වෙනත් රටවල සංචාරකයන්ට විද්‍යුත් හා පැමිණීමේ වීසා බලපත්‍ර අඛණ්ඩව ලබා දෙන බව නිවේදනය කර ඇති අතර, සංචාරක වීසා බලපත්‍රලාභීන්ට මක්කම සහ මදීනා නගරවල සංචාරය කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍යාංශය අවධාරණය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS