සංචාරක පීඨයට සිසුවියන් බඳවා ගන්න යයි



සවුදි අරාබියේ කින්ග් අබ්දුල්ලා විශ්ව විද්‍යාලය එහි සංචාරක පීඨයට සිසුවියන්  බඳවා ගැනීමට සැරසෙයි.

එම විශ්ව විද්‍යාලයීය සත්කාරක සේවා දෙපාර්තමේන්තු ප්‍රධානී ඉබ්‍රහිම් අල්සිනි ඇරැබ් නිව්ස් වෙබ් අඩවියට ස`ඳහන් කර ඇත්තේ එළැඹෙන අධ්‍යයන වර්ෂයේ දී සිසුවියන්  බඳවා  ගැනීම අරඹන බවය.

කෙසේ වෙතත් සිසුවියන් වෙනුවෙන් පාඨමාලා මේ වන තුරු අරඹා නැතැයි හෙතෙම සඳහන් කර ඇත.

සංචාාරක කර්මාන්තය වෘත්තියවේදින්ගේ හිඟයකින් පෙළෙනවා. ඒ නිසා කාන්තාවන්ට මේ කෙෂත්‍රය විවෘත කිරිම ඉතා හොඳ දෙයක්.
සවුදි අරාබිය කාන්තාවන් සඳහා විවිධ කෙෂත්‍ර වල රැකියා අවස්ථා විවෘත කිරීමෙන් පසු 2030  වනවට ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය වැඩි වනු ඇතැයි සවුදි රජය බලාපොරොත්තු වෙයි.   

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS