ශුද්ධ නගරයට නවීන තාක්ෂණය



මක්කම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සැළකිල්ලට ගෙන මහා පල්ලියට මෙන්ම අනිකුත් පූජනීය නගරවලට නවීන තාක්ෂණය හඳුන්වාදීමට කටයුතු කරන බව සෞදි රජුගේ උපදේශක සහ මක්කම ප්‍රධානි, කලීඩ් අල්-ෆයිසාල් කුමරු ප්‍රකාශ කළේය.

උම්රා සහ හජ් ආගමික වතාවත් ඉටුකිරීමට මිලියන ගණනින් වාර්ෂිකව මක්කම ශුද්ධ නගරයට පැමිණෙන අතර වන්දනාකරුවන්ගේ කටයුතු පහසු කිරීමටත්, අභියෝග ජයගැනීමටනවීන තාක්ෂණය භාවිතා කරන බව මක්කම සහ ශුද්ධ නගර සඳහා වන රාජකීය කොමිසන් සභාවේ ප්‍රධානි, මුහම්බද් බින් සල්මන් කුමරු ප්‍රකාශ කළේය. 

අදාල ව්‍යාපෘතිය හැකි ඉක්මණින් ආරම්භ කිරීමට කටයුතු කරන බව කලීඩ් අල්-ෆයිසාල් කුමරු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS