ශ්‍රී ලංකා ආහාර උළෙලක් තුර්කියේ



ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් සංවත්සරයට සමගාමීව තුර්කියේ අන්කාරා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්  ශ්‍රී ලංකා ආහාර උළෙල - 2020 එරට අන්කාරා සහ ඉස්තාන්බුල් නගර වලදී ඉකුත්දා පැවැත්විණි.

තුර්කියේ වැඩි ජනතා ආකර්ෂනයක් දින ගත් මෙම ආහාර උළෙල පෙබරවාරි 04-05 සිට අන්කාරා නුවරදීත්  පෙබරවාරි 08 සිට 10 දක්වා ඉස්තාන්බුල් නුවරදීත් පැවැත්විණි.ඊට කොළඹ හිල්ටන් හෝටලය, කටාර් එයාර්වේස්, අන්කාරා හි ස්විස් හෝටලය, හෝටල් ඇනමන් ගලටා, ඉස්තාන්බුල් සහ බීටා ටී හවුස් යන ආයතන එක්වූහ.

තුර්කිය - ශ්‍රී ලංකාවේ අන්තර් පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති අහමට් හම්ඩි කැම්ලි මහතා ගේ ප්‍රධානත්වයෙන් අන්කාරා හි ස්විස් හෝටලයේදී පැවති ශ්‍රී ලංකා ආහාර උළෙල පැවැත්විණි.

සමාරම්භක උත්සවයට සහභාගී වූ තුර්කිය - ශ්‍රී ලංකා අන්තර් පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති හුස්රෙට් ඩින්ක්, අන්කාරා හි ව්‍යාපාරික ප්‍රධානීන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමාගම්වල නියෝජිතයින්, දේශපාලන පක්ෂවල නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් , එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන බලධාරීන් මෙම ශ්‍රී ලංකා ආහාර උළෙලට එක් විය.

ජනප්‍රිය හා සිත් ඇදගන්නා සුළු ශ්‍රී ලාංකික ආහාර වර්ග වන ආප්ප, ඉස්සන්, කුළුබඩු සහිත කකුළු ව්‍යංජන, ඇඹුල්තියල් සහ කොත්තු රොටී යන මෙම ආහාර ප්‍රදර්ශනයේදී රස බැලීමට ආරාධිතයින්ට හැකි විණි.

. ප්‍රධාන ආරාධිත අමුත්තා වන අහ්මෙට් හම්ඩි කැම්ලි සහ තානාපති රිස්වි හසන් යන මහත්වරැන් කොළඹ හිල්ටන් හෝටලයේ  සූපවේදීන් වන අමිල බොතේජු සහ අසන්ක කුමාර යන දෙදෙනා සමඟ කොත්තු රොටී ආහාරය සදහා පිළියෙළ කිරීමට  සහභාගී විය.

ආහාර උළෙලට සමගාමීව ටිබිලිසි වෛද්‍ය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුවියක වන තාරුකා ප්‍රනාන්දුගේ ඒක පුද්ගල සජීවි දේශීය සංගීත ප්‍රසංගයක් මෙහිදී සංවිධානය කර තිබිණි

රැස්ව සිටි  පිරිස ඇමතූ ප්‍රධාන ආරාධිත අහමෙට් හම්ඩි අම්ලා තුර්කියේ  ජනාධිපතිවරයාගේ සහ විදේශ ඇමතිවරයාගේ සුබ පැතුම් එක් කළ අතර ශ්‍රී ලංකා ආහාර රස බැලීමට අවස්ථාව ශ්‍රී ලංකා සංස්කෘතිය අවබෝධ කර ගැනීමට ඉවහල් වන බව ප්‍රකාශ කළේය. තමා සහ තුර්කිය - ශ්‍රී ලංකාවේ අන්තර් පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම ශ්‍රී ලංකාවේ අත්දැකීම් ලබා ගැනීම සඳහා ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බවද ඔහු පැවසීය.

ඉස්තාන්බුල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික ආහාර උළෙලක් පැවැත්වූ පළමු අවස්ථාව වන අතර එය එම නගරයේ  ජනප්‍රිය ස්ථානයක වන හෝටල් ඇනමන්  හිදී පෙබරවාරි 08 -09 සහ 10 දින පැවැත්විණි.

ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තු විදේශ සබඳතා කමිටු සාමාජික ෆයික් ටුනේ රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ ආහාර ජනතාව සහ සංස්කෘතීන් අතර එකමුතු අංගයක් විය හැකි බවත් තුර්කිය අතර ජනතා සබඳතා සඳහා ජනතාවගේ සංවර්ධනයට දායක වීමට මෙම අවස්ථාව ප්‍රාර්ථනා කරන බවත්ය.

එම අවස්ථාවට එක්වූ ඉස්තාන්බුල්හි ෆාති දිස්ත්‍රික්කයේ නගරාධිපති එර්ගන් ටුරාන් කියා සිටියේ සහෝදර ජාතීන් දෙක අතර ගැඹුරු මුල් බැසගත් සම්බන්ධතාවය අන්‍යෝන්‍ය විශ්වාසය හා ගෞරවය හා විවිධ ජාත්‍යන්තර වේදිකාවල එකිනෙකාට සහයෝගය දක්වන බවයි. රටවල් දෙකක් එකම මතකයක් ඇති බවත්ය.

රැස්වීම අමතමින් තුර්කියේ ශ්‍රී ලංකා  තානාපති එම්. රිස්වි හසන් මහතා ප්‍රකාශ කළේ තුර්කියේ ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කිරීම සඳහා නිදහස් මාසය තුළදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අන්කාරා, ඉස්තාන්බුල් සහ ට්‍රබ්සන් යන ප්‍රදේශවල වැඩසටහන් මාලාවක් සංවිධානය කළ බවයි. මේ අතර ඉදිරි මාසවලදී තවත් ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා තානාපතිවරයා කියා සිටියේය.


RECOMMEND POSTS