ශ්‍රමිකයන් 20,000 කට වඩා අතරමං



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පකිස්ථාන ශ්‍රමිකයන් 20,000 කට වැඩි පිරිසක් සිය රටට යාමට නොහැකි වී සිටින බව වාර්තා වේ.

පකිස්ථානය බලා පිටත්ව යාමට 20,000 කට අධික පිරිසක් අප්‍රේල් 03 වනදා සිට මේ දක්වා පකිස්ථාන කොන්සියුලර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇත

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඇඳිරි නීතිය පැනවීම, ගුවන් ගමන් අත්හිටුවීම වැනි දැඩි ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් විදේශ ශ්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් මහත් අපහසුතාවයන්ට පත් වී ඇත.

දැනට කොරෝනා රෝගීන් 1,799 ක් සහ මරණ 10 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS