ශ්‍රමිකයන් ඕමානය හැර යයි



ඕමානයේ සේවය කරන විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, 2020 ඔක්තෝබර් මාසය අවසන් වනවිට විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.44 දක්වා අඩු වී ඇති අතර, පසුගිය වසර (2019) සමග සංසන්දනය කිරීමේදි 17%ක අඩු වීමකි.

තවත් විදේශ ශ්‍රමිකයන් 7,689 ක පිරිසක් ඕමානයෙන් පිට වී යාමට අවසර ඉල්ලා ඇති බව ඕමාන් රාජ්‍ය කම්කරු අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

රැකියා බලපත්‍ර නොමැති සහ රැකියා බලපත්‍ර අවලංගු කළ පුද්ගලයන් ඕමානයෙන් පිටත්ව යන පිරිස අතර වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS