ශ්වාසනාලයෙන් කරාබුවක් ඉවත් කරයි



සෞදි අරාබියේ වයස අවුරුදු දෙකක ගැහැණු දරුවෙක්ගේශ්වාසනාලයේ සිර වී තිබු කරාබුවක් ඉවත් කිරීමට වෛද්‍යවරුන් පිරිසක් කටයුතු කර ඇති බව වාර්තා වේ.

හුස්මගැනීමේ අපහසුතාවයක් ඇතිවීම හේතුවෙන් දරුවාව යුනයිසා නගරයේ සවුඩ් රජු රෝහලට ඇතුලත් කිරීමට දෙමාපියන් කටයුතු කර ඇත.

ගැහැණු දරුවාව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු දරුවාගේ ශ්වාසනාලයේ කරාබුවක් සිර වී ඇති බව වෛද්‍යවරුන් දැක ඇත.

වහාම ක්‍රියාත්මක වු වෛද්‍යවරුන් දරුවාගේ ශ්වාසනාලයේ සිර වී තිබු කරාබුව ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් දරුවා රෝහලෙන් පිටවී ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS