වෛරසය මඩින්න දැඩි නීති



කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඕමානය දැඩි නීති ප්‍රකාශයට පත් කර තිබේ.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා පිහිටුවා ඇති ජාතික කමිටුව දැඩි නීති ප්‍රකාශයට පත් කර ඇති බව ඕමාන් ඔබ්සර්වර් පුවත්පත වාර්තා කරයි.

කමිටුව ගත් තීරණයන්:

  1. සියලු ගොඩබිම්,මුහුදු සහ ගුවන් පිවිසුම් ස්ථාන වලින් ඕමානයට ඇතුළුවීම ඕමාන් ජාතිකයන්ටපමණක් සීමා කිරීම
  2. ඕමාන ජාතිකයන්ට ඕමානයෙන් පිටවීමතහනම් කිරීම
  3. විශාල බැතිමතුන් රැස්වන පල්ලි වසා දැමීම.
  4. මුස්ලිම් නොවනසියලුම පූජනීය ස්ථාන වසා දැමීම.
  5. සියලුම රැස්වීම් සහ සම්මන්ත්‍රණ අත්හිටුවීම.
  6. සියළුම සංචාරක ස්ථාන වසා දැමීම
  7. නිම්න,කඳු,දිය ඇලි,වෙරළ ඇතුළු පොදු ස්ථානවලටඒකරාශී වීමඅත්හිටුවීම.
  8. ආහාර හා පාරිභෝගික වෙළඳසැල්,සායන,ඔසුසල් සහ ඇස් කණ්ණාඩි වෙළඳසැල් හැර අනිකුත් සියලුම වෙළඳසැල් වසා දැමීම.
  9. සාම්ප්‍රදායික සුක් සහ ජනප්‍රිය සුක් වසා දැමීම.
  10. අවන්හල් සහ ආපනශාලා සේවා තහනම් කිරීම
  11. ක්‍රීඩා හා සංස්කෘතික සමාජ වසා දැමීම.
  12. ව්‍යායාම් මධ්‍යස්ථාන සහ රූපලාවන්‍යාගාර වසා දැමීම.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS