වෛද්‍යවරු 23 ක් ඉවත්වෙලා



කුවේටයේ අල්-සභා රෝහලේ විදේශීය වෛද්‍යවරුන් 23 දෙනෙක් පසුගිය වසර තුනක කාලය තුලදි සේවයෙන් ඉවත් වී ගොස් ඇති බව වාර්තා වේ.

රෝහලේ අභ්‍යන්තර වෛද්‍ය එක්කයේ වෛද්‍යවරුන් 55දෙනෙක් සේවය කළ යුතු වුවත් දැනට සේවය කරනු ලබන්නේ කුවේට් වෛද්‍යවරු 17 දෙනෙක් පමණක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කුවේට් වෛද්‍යවරියක්ද අල්-සභා රෝහලෙන් ඉවත් වී පෞද්ගලික අංශයේ රෝහලක සේවය කිරීමට ගොස් ඇත.

අල්-සභා රෝහලේ පවතිනපුරප්පාඩු හැකි ඉක්මණින් සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවත් දැනට රජයේ රෝහල්වල ඇති අභ්‍යන්තර වෛද්‍ය ඒකකවල වෛද්‍යවරු 417 දෙනෙක් සේවය කරන බව පාර්ලිමේන්තුව අමතමින් සෞඛ්‍ය අමාත්‍ය, ෂයික් බාසිල් අල්-සභා ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS