වෙළඳසැල් 5,000 කට වඩා පරීක්ෂා කරලා



ඕමානය පුරා ඇති වෙළඳසැල් 5,000 කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කිරිමට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය  කටයුතු කර ඇති බව වාර්තා වේ.

2020 ජූලි 25 සිට අගෝස්තු 15 දක්වා කාලය තුල පරීක්ෂා කිරීම් 5,553 සිදුකිරීමට කටයුතු කළ බව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ ය. 

අධිකාරිය පනවා ඇති නීතිරීති, අධික ලෙස මුදල් අයකරගැනීම් පිළිබඳව පරීක්ෂා කර ඇති අතර, වෙළඳසැල් 122ක් නීතිරීති උල්ලංඝනය කර ඇති බවට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හඳුනාගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS