වෙබ් අඩවි 16 අත්හිටුවයි



මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන්ට සම්බන්ධ වෙබ් අඩවි 16ක් අත්හිටුවීමට එමිරේට්ස් රජය කටයුතු කර ඇති බව වාර්තා වේ.

වෙබ් අඩවි හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවීම හේතුවෙන් අදාල වෙබ් අඩවි 16 අත්හිටුවීමට අජ්මාන් පොලීසියට අයත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කටයුතු කර ඇත.

ෆෙඩරල් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විදුලි සංදේශ නියාමන අධිකාරියේ සහයෝගයෙන් අන්තර්ජාලය හරහා සිදුවන ජාවාරම් මැඩලීමට කටයුතු කරන බව ෆෙඩරල් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ, කර්නල් සයිෆ් කලීෆා අල්-මහිරි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අජ්මාන් නුවර)

RECOMMEND POSTS