වෘත්තීය 12 ක සේවය තහනම්



සෞදි අරාබි වැසියන්ට වෘත්තීය 12ක සේවය කිරීම එරට රජය මඟින් තහනම් කොට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව වෛද්‍ය උපකරණ, මෝටර් රථ සහ යතුරු පැදි, ගෘහ භාණ්ඩ සහ කාර්යාලීය උපකරණ, විදුලි සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ, නිමි ඇඳුම් සහ ළමා ඇඳුම්, ඉදිකිරීම් ද්‍රව්‍ය, කාපට්, අත් ඔරලෝසු සහ කණ්නාඩි ඇතුළු වෘත්තීන් දොලහක් සෞදි ජාතිකයින්ට තහනම්කර ඇතැයි වාර්තා වේ.

එම වෘත්තින්හි යෙදීම තහනමට ලක්කරමින් කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍ය, ආචාර්ය අලි බින්නසීර් අල්- ගෆීස් විසින් නියෝගයක් නිකුත් කර ඇතැයි එම මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම මෙම වෘත්තීය තහනම 2018 සැප්තැම්බර් 11 දින සිට ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.   

(විනීතා එම් ගමගේ)


RECOMMEND POSTS