වීසා ජංගම දුරකථනයෙන්



ඕමානයේ සංචාරය කරන පුද්ගලයන්ට ජංගම දුරකථනයට ස්ථාපිත කරනු ලබන මෘදුකාංගයක් හරහා විසා ලබාගැනීමට හැකි ඉක්මණින් පහසුකම් සපයා දෙන බවට ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

දැනට පවතින ක්‍රමයට අනුව, ඕමාන රාජකීය පොලීසියට අයත් වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඕමානයට පැමිණිමේදි වීසා ලබා ගත හැකිය.

අදාල මෘදුකාංගයට විශාලසේවා ප්‍රමාණයක් එකතු කරමින් සිටින බවත් උපරිම පහසුකම් සංඛ්‍යාවක් එකතු කිරීමට අපේක්ෂා කරන බව මෘදුකාංගය භාර කණ්ඩායම් ප්‍රධානී, කපිතාන් ඒබ්‍රාහිම් සයිෆ් අල්-කින්ඩි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS