විස දුමෙන් අයෙක් මරුට‍



සාජා නුවර කර්මාන්ත පුරයේ විස දුමක් කාන්දු වීමෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත් වී ඇත.

කර්මාන්ත භූමියෙන් පුද්ගයන් 93 දෙනෙක් ආරක්ෂිත පියවරක් ලෙස ඉවත් කිරීමට පොලීසිය සහ සිවිල් ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන ඇත.

වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ඉවත් කළ පිරිස රෝහල් ගත කර ඇති අතර විස වායුව කාන්දුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

ක්ලෝරීන් වායුව පිට වී ඇති බවට පසුව සිදුකළ පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමට හැකි වී ඇති අතර විස වායුව කාන්දුවීමෙන් රෝගී වු පුද්ගලයා රෝහල වෙත රැගෙන යන අවස්ථාවේදි ජීවිතක්ෂයට පත් වී ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS