විශාල හිම කැටියක් වැදෙයි



කුවේට් ගුවන් සමාගමට අයත් ගුවන්යානක තරමක විශාල හිම කැටියක් වැදී ඇති බව වාර්තා වේ.

ගුවන්යානය ලෙබනන් රාජ්‍යය බලා පියාසර කරමින් තිබෙන අවස්ථාවේදි අනතුර සිදු වී ඇති බවත්, ඉදිරිපස කොටසට හානි සිදු වී ඇති බවත්, රෆික් හරිරි අන්තර්ජාතික ගුවන්තොටුපොලට ආරක්ෂිතව ගොඩබැස්සවීමට ගුවන් නියමුවා කටයුතු කර ඇති බව ගුවන් සමාගම නිවේදනය කළේ ය.

ගුවන්යානයට සිදු වු හානිය යථාතත්ත්වයට පත් කිරීමට ගුවන්යානා කර්මික අංශය කටයුතු කළ බව ගුවන් සමාගම ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS