විශාලතම රෝහල විවෘත කරයි



අබුඩාබි නුවර ඉදිකළ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ විශාලතම රෝහල 2019 නොවැම්බර් 03 දින නිල වශයෙන් විවෘත කරන බව වාර්තා වේ.

වර්ග මීටර් 300,000 ක භූමි ප්‍රදේශයක ඉදිකර ඇති ෂෙයික් ෂක්බවුට් වෛද්‍ය නගරය විවෘත කරන බව අබුඩාබි සෞඛ්‍ය සේවා  ආයතනය නිවේදනය කළේය.

ඇඳන් 740ක්, ශල්‍යාගාර18 ක් සහ බාහිර රෝගී සායන, ප්‍රභූ කාමර 36 ක් සහ අති නවීනතාක්ෂණික පහසුකම් රෝහල සතුව පවතියි.

මිලියනයක ආසන්න පිරිසකට සේවාවන් ලබාදීමට හැකිවන පරිදි ලෝක මට්ටමේ රෝහලක් නිර්මාණය කර ඇත.

එමිරේට්ස් සහ විදේශීය රෝගීන් සඳහා පහසුකම් සපයීමේ අරමුණින් ෂෙයික් ෂක්බවුට් වෛද්‍ය නගරය ඉදිකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS