විවාහ උපදේශන සේවයක්



ඕමානයේ තරුණ තරුණියන්ට විවාහ උපදේශනය පිළිබඳ වැඩසටහනක් පැවැත්වීමට ඕමාන් සමාජ සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සුල්තාන් කාබූස් විශ්වවිද්‍යාලයේ නව නිපැයුම් සංකීර්ණයේදි අදාල වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඕමානයේ උසස් අධ්‍යාපන ආයතනවල සහ රජයේ මෙන්ම පෞද්ගලික ආයතනවල සේවය කරන තරුණ තරුණියන්ට විවාහ වන ආකාරය සහ විවාහ ජීවිතයට අත්‍යාවශ්‍ය සියළුම උපදෙස් ලබාදීම වැඩසටහන මඟින් සිදු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS