විලියම් කුමරු යුද අභ්‍යාසයක් නරඹයි



කුවේටයේ නිල සංචාරයක නියැලෙන බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු කුවේට් සහ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් එක්ව පැවැත්වූ යුද අභ්‍යාසයක් නිරීක්ෂණය කළේය.

විලියම් කුමරු කුවේට් රාජ්‍යයට පැමිණියේ පසුගිය පළමු වැනිදාය. කුමරුන් කුවේට් බලා පැමිණියේ බිරිඳ කේට් මිඞ්ල්ටන් හෝ දරු තිදෙනා හෝ නොමැතිවය.

කුමරු නිරීක්ෂණය කළ යුද අභ්‍යාසය නම් කර ඇත්තේ ‘එක්සර්සයිස් ඩෙසර්ට් වෝරියර්’ යනුවෙනි. කුටේයට සහ බි්‍රතාන්‍යය අතර යහපත් හමුදා සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් මෙම යුද අභ්‍යාසය පැවැත්විණි.

කුවේට්සිටීහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS