විරෝධතා නවත්වන්නැයි ඉල්ලීමක්



ඉරාක රජයට එරෙහිව ආරම්භ වී ඇති විරෝධතා නවත්වන්නැයි විරෝධතා පවත්වන තරුණ තරුණියන්ගෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කර ඇත.

ඉරාකය වෙනුවෙන් පත් කළ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජෙනවී හෙන්නිස් පවසා ඇත්තේ දින පහක් තිස්සේ පවතින විරෝධතා සහ ගැටුම් වහා නැවැත්විය යුතු බවය.

ඇඳිරි නීතිය නොතකා විරෝධතා පවත්වන විරෝධතාකරුවන් මර්දනයට ඉරාක රජය ආරක්ෂකඅංශ යොදවා ඇත. දෙපිරිස අතර ගැටුම්වලින් මේ වනවිට 100 කට ආසන්න පිරිසක්  ජීවිතක්ෂයට පත්ව ඇති බව ද පැවැසෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS