විරෝධතාකරුවන් උසි ගන්වන්නේ ඇමෙරිකාව



ඉන්ධන මිල ඉහළ දමා, සලාක ක්‍රමයට ඉන්ධන ලබා දීමට ඉරාන රජය ගත් තීරණය හේතුවෙන් ඉරානය පුරා විරෝධතා පැවැත්වෙන්නේ, ඇමෙරිකාව විරෝධතාකරුවන් උසි ගන්වන නිසා යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී චෝදනා කරයි.

ඉරාන ජනපති රොව්හානී විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ ඇත්තේ, රට අස්ථාවර කිරීමට ඇමෙරිකාව ගෙන යන කුමන්ත්‍රණවලට හසු නොවන ලෙසය.

ඉරාන රජය ඉන්ධන මිල ඉහළ දැම්මේ පසුගිය 16 වැනිදාය. සලාක ක්‍රමයට පෞද්ගලික වාහන හිමිකරුවන්ට මාසයකට ලබා දෙන්නේ පෙට්‍රල් ලීටර් 60 ක් පමණය. ප්‍රෙටල් ලීටරයක මිල පැවැති මිල මෙන් දෙගුණයකින් ඉහළ දැමීමට ඉරාන බලධාරීන්ට සිදුවිය.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS