විනිසුරුවරියන් ලෙස පත් කරයි



එමිරේට්ස් කාන්තාවන් දෙදෙනෙක් විනිසුරුවරියන් ලෙස ප්‍රථම වතාවට පත් කර ඇති බව වාර්තා වේ.

එමිරේට්ස් ජනාධිපති, ෂයික් කලීෆා බින් සෙයිඩ් අල්-නහියන් කදිජාකාමීස් කලීෆා අල්-මැලස් සහසලාමා රෂිඞ් සලීම් අල්-කුට්බි විනිසුරුවරියන් ලෙස පත් කරන ලෙස නියෝග කර ඇත.

ෆෙඩරල් අධිකරණයේ රාජකාරි සඳහා කාන්තාවන් සම්බන්ධ කරගන්නා ලෙස එමිරේට්ස් උප-ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම් නියෝග කර ඇත.

ෆෙඩරල් ජාතික කවුන්සිලයේකාන්තාවන්ගේ ප්‍රතිශතය 50% දක්වා වැඩිකිරීමටත්, රැකියාවට අදාල වැටුප කාන්තා පිරිමි භේදයකින් තොරවකාන්තාවන්ට ලබාදීම සඳහා නීතියක් සම්මත කිරීමට එමිරේට්ස් රජය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS