විදේශ ශ්‍රමිකයන්ට ඕමානය එපාවෙයි



ඕමානයෙන් විදේශ ශ්‍රමිකයන් 263,000කට වැඩි සංඛ්‍යාවක් පිට වී ගොස් ඇති බව ඕමාන් මාධ්‍ය වාර්තා කරනවා.

2020 වර්ෂයේ මුල් මාස නවය තුළ එම පිරිස ඕමානයෙන් පිට වී ගොස් ඇති අතර, ඕමානය තුල සිටින සමස්ථ විදේශ ශ්‍රමිකයන් සංඛ්‍යාවෙන් 15.3%ක් වන බව සඳහන් වේ.

එම පිරිසෙන් 118,000 කට වැඩි පිරිසක් ඉන්දියාවෙන් පැමිණි ශ්‍රමිකයන් බව ඕමාන් ජාතික සංඛ්‍යාලේඛන හා තොරතුරු පිළිබඳ මධ්‍යස්ථානය පවසනවා.

2019 වර්ෂය අවසන් වනවිට ඕමානයේ විවිධ ක්ෂේත්‍රවල විදේශ ශ්‍රමිකයන් 1,712,798ක් සේවය කළ බවත්, 2020 සැප්තැම්බර් මාසය අවසන් වන විට සමස්ථ විදේශ ශ්‍රමිකයන් සංඛ්‍යාව 1,449,406 දක්වා අඩු වී ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS