විදේශිකයන් සෞඛ්‍ය රැකියාවලට



විදේශිකයන්ව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවලට බඳවා ගැනීමට කුවේට් රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු 193ක් සඳහා විදේශිකයන් බඳවාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අවසරලබාදුන් බව සිවිල් සේවා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

වෛද්‍යවරු 42ක්, ඖෂධවේදීන් 5ක්, කාර්මික ශිල්පීන් 13ක් සහ හෙදියන් 133ක් ඉදිරියේදි සෞඛ්‍ය අමාත්‍යාංශයට බඳවා ගැනීමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS