විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට



ඕමානයේ උතුරු ෂාර්කියා නගරයේ කොරෝනා නීතිරීති උල්ලංඝනය කරමින් රැස්ව සිටි විදේශ ශ්‍රමිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විදේශ ශ්‍රමිකයන් පිරිසට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කරනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඕමාන් උත්තරීතර කමිටුව තීරණ රාශියක් ගෙන ඇති අතර, රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා සියලුම පොදු සහ වාණිජ ස්ථාන වසා දැමීම, නැවත දැනුම් දෙන තුරු මුහුදු වෙරළ භාවිතය තහනම් කිරීම, කොරෝනා උපදෙස් නොපිළිපදින ව්‍යාපාරික ස්ථාන වසාදැමීම එම තීරණවලින් කීපයක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS