විදේශිකයන්ට වැඩි කැමැත්තක්



ඕමාන ජාතිකයන් විදේශිකයන් විවාහ කරගැනීමේ කැමැත්ත විශාල ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2018 ජනවාරි මාසයේ සිට 2019 මාර්තු මාසය දක්වා අතර කාලය තුල විදේශිකයන් විවාහ කරගැනීම සඳහා ඕමාන් ජාතිකයන් 1,000වැඩි පිරිසක් ඉල්ලුම් කර ඇති බව සමාජ සංවර්ධන අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කළේ ය.

බොහෝමයක් අයදුම්කරුවන් තම විවාහ මංගල උත්සවය වෙනත් රටක පැවැත්වීමට තීරණය කර ඇති බව අමාත්‍යාංශය පවසයි.

2019වසරේ මුල් මාස තුන ඇතුලත පමණක් විදේශිකයන් සමඟ විවාහ වීම සඳහා ඉල්ලුම් කළ අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 390 ක් දක්වා ඉහළ ගොස් ඇති අතරපසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 50 කින් ඉහළගොස් තිබේ.

කාන්තාවන් 61 දෙනෙක් විදේශිකයන් සමඟ පසුගිය වසරේදී විවාහ වී ඇති බවත්, අයදුම්කරුවන්ගෙන් බහුතරය අවුරුදු 30-49 අතර වයසේ පසුවන පුද්ගලයන් වන බවත්, ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක්දික්කසාද වූවන් බව අමාත්‍යාංශය පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS